ජාතික රූපවාහිනී “සිරිලක පිරි අවුරුදු සිරි-2019“

අප්‍රේ 04, 2019

    “සිරිලක පිරි අවුරුදු සිරි-2019“ රූපවාහිනී ජාතික අවුරුදු උදානය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ආයතන අද නිල වශයෙන් එය ජාතික රූපවාහිනියට භාර දෙනු ලැබීය.

    ජයග්‍රහණය ලබන අවුරුදු කුමරියට පවුම් පහ මාරක රන් කිරුළක් ඇතුළු වටිනා ත්‍යාග රැසක් පිරිනැමේ. ජාතික රූපවාහිනිය සමඟ “සිරිලක පිරි අවුරුදු සිරි“ සංවිධාන කරන්නේ සහයෝගීතාව, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වයි.

    මෙවර තේමාව හදවතින් එකට වෙසෙමු යන්නයි. අනුග්‍රාහක භවතුන් රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා වෙත සංකේතාත්මකව සිය අනුග්‍රාහකත්වය පිරිනැමීය. ජාතික අවුරුදු උදානයේ නිල බැංකු සහකරු හෙට දින එළිය කරන සම්පත් බැංකුවයි. නිල සන්නිවේදන සහකරු ශ්‍රී ලංකා ටෙලිකොම්. රූ කිරුළ සමඟ ලීවර් ආයුෂ්-යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම තම අනුග්‍රාහකත්වය ද අද ජාතික රූපවාහිනිය වෙත පිරිනැමීය.

    ස්වර්ණමය රූ කිරුළේ අනුග්‍රාහය ගනේෂ් ටෙක්ස්ටයිල් පුද්ගලික සමාගමයි. රූ කිරුළ අවසන් මහා තරගය අප්‍රේල් 15 වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි. එහිදී රුපියල් ලක්‍ෂ 5ක් වටිනා මෙම කිරුළ ජයග්‍රාහිකාවට හිමිවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 19:51

    Latest News