දිවියෙක් පහරදීමෙන්  කම්කරුවෙක් මරුට (වීඩියෝ)

අප්‍රේ 19, 2019

    කුමන වනෝද්‍යානයේ කම්කරුවන් පිරිසක් අතුරු මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් සිටින අවස්ථාවේ දී එම ස්ථානයට කඩා වැදුනු දිවියෙක් එක් කම්කරුවෙක් වනය තුලට ඇඳගෙන ගොස් තිබේ.

    අනතුරුව එහි සිටි අනෙක් කම්කරුවන් වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව එම පුද්ගලයා මුදවා ගැනීමට ගොස් ඇති අතර ඔවුන් එම ස්ථානයට ළගා වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවයි පොලීසිය පවසන්නේ. ඔහු ගලවා ගැනීමට යෑමට යොදග්ත පුද්ගලික ජීප් රථයක රියදුරුද එම ස්ථානයේ දී ඡායාරූප ලබාගනිමින් සිටින අවස්ථාවේ එම දිවියා විසින් රියදුරුට පහරදී බරපතල තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුලත් කෙරිණ.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 17:50

    Latest News