පිපිරිම් සම්බන්ධ 24 ක් අත්අඩංගුවට......CID ප්‍රශ්න කිරිම් අරඹයි

අප්‍රේ 22, 2019

    ඊයේ (21) සිදුවු පිපිරිම් සිද්ධීන් වලින් පුද්ගලයින් 290 ක් මිය ගොස් 500 ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

    පිපිරිම් සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් සහ සැකකාරියන් 24 අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ප්‍රශ්න කිරිම සිදුවේ.

    මේ වන විට දිවයිනේ ආරක්ෂාවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව ත්‍රිවිධ හමුදාව යොඳවා ඇත. එ අනුව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා දහසකට අධික යුද හමුදා භට පිරිසක් යොදවා ඇතැයි යුධ හමුදාව පවසයි.

    මේ අතර කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වල ආරක්ෂාව ගුවන් හමුදාවට පැවරා ඇති අතර ඔවුන් විසින් සියලු පරික්ෂා කිරිම් ආරම්භ කර තිබේ. මීට අමතරව ගුවන් තොටුපල ආරක්ෂක අංශ ද ආරක්ෂක සහ පරික්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.

    විදෙස් ගතවන පුද්ගලයන්ට අවශ්‍ය තොරතුරක් 116 දුරකනථන අංකයෙන් විමසීය හැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර පොලිස් මුලස්ථානයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ආරක්ෂක අමාත්‍යංශයේ දුරකථන අංක 0112 322 485 ඔස්සේ තොරතුරු විමසීය හැකියි. විදේශ කටයුතු අමාත්‍යංශයේ 0112 32 30 15 අංකය ඔස්සේ විදේශිකයන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

    Latest News