මිය ගිය අයගේ මරණ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට ඉල්ලීමක්

අප්‍රේ 22, 2019

    පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු රෝහල් වෙත ගොස් සිදු කරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඊයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස අමාතයංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    මියගිය පුද්ගලයින්ගේ සිරුරු තැම්පත් කර ඇති රෝහල් වෙත ගොස් අදාල පරීක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙස අමාත්‍යාංශය අදාල හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටීයි.

    Latest News