බරපතල සිද්ධීන් තම සංචාරවලට බාධාවක් නැහැ: විදෙස් සංචාරකයින්

අප්‍රේ 27, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක බරපතල සිද්ධීන් ඇති වුවද එය තම සංචාර සඳහා බාධාවක් කර නොගන්නා බව, මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයින් පවසයි.

    රට තුළ ආරක්‍ෂාව පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවයි ඔවුන් කියා සිටියේ. අනුරාධපුර පූජා නගරය හා ඒ අවට සංචාරය සඳහා යුරෝපය ඇතුළු විවිධ රටවලින් මේ දිනවල සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු පවසයි. රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන දැකබලා ගැනීමෙන් පසු ඔවුන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් බවයි. සියලු ජන කොටස්වලට සාමය ප්‍රාර්ථනා කරන බව ද ඔවුන් සඳහන් කළේය.

    ගාල්ල, උණවටුන කලාපය ද සංචාරකයින්ගෙන් පිරී පවතී. අප වාර්තාකරු පවසන්නේ, ඔවුන් දිවා රාත්‍රී දෙකෙහිම පරිසර සුන්දරත්වය අත්විඳිමින් සිටින බවයි. ආපන ශාලා ද රාත්‍රී කාලයේ දී විදේශිකයන්ගෙන් පිරී ගිහින්. ශ්‍රී ලංකාව, ඉතා කෙටි කාලසීමාවක දී යථා තත්වයට පත්වනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

    Latest News