“ඩිටෙක්ටිව් ෆෙස්ට්“ අන්තර්ජාතික සිනමා උළෙලේදී ජාතික රූපවාහිනියට සම්මාන

අප්‍රේ 27, 2019

    රුසියාවේ මොස්කව් නුවර පැවති 21 වැනි “ඩිටෙක්ටිව් ෆෙස්ට්“ අන්තර්ජාතික සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් සම්මානයක් සමඟ විශේෂ ඩිප්ලෝමා සහතික 05ක් හිමිවිය.

    එම නිර්මාණ සියල්ලම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුවීම විශේෂත්වයක්. සම්මාන උළෙල ඉකුත් 20 දින සිට 27 දක්වා පැවැත්වුණේ මොස්කම් නගරයේදී. ත්‍රස්තවාදයට එරෙහිව නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්මාන උළෙලේ අරමුණයි.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රංග බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කළ “ද සයිලන්ස්“ වාර්තා ටෙලි නාට්‍යයට සිවිල් සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් කළ නිර්මාණය සඳහා වූ සම්මානය හිමිවිය. පරිසර විනාශයට එරෙහි නිර්මාණ කරණය වෙනුවෙන් වූ විශේෂ ඩිප්ලෝමා සහතිකය හිමිවූයේ, නිෂාදි බණ්ඩාරනායකගේ “ද එලිෆන්ට් ස්ටෝරි“ ප්‍රවෘත්ති විශේෂාංගයටයි.

    රංග බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කළ “පොට්ස් ඔෆ් මිල්ක්“ ටෙලි නාට්‍යය සහ අතුල පීරිස් අධ්‍යක්‍ෂණය කළ “ෂැඩෝස්“ වාර්තා ටෙලි නාට්‍ය ත්‍රස්තවාදයට එරෙහි කෙටි චිත්‍රපට නිර්මාණකරණය යටතේ විශේෂ ඩිප්ලෝමා සහතික දෙකකින් පිදුම් ලැබීය. ශිරාන් රත්නායක අධ්‍යක්‍ෂණය කළ “අ ටේස්ට් ඔෆ් සිලෝන් ටී“ කෙටි වාර්තා වැඩසටහනට සිවිල් සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් වූ නිර්මාණ කාණ්ඩය යටතේ විශේෂ ඩිප්ලෝමා සහතිකය හිමිවිය.

     

     

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 19:16

    Latest News