ත්‍රස්ත පනත කඩිනමින් සම්මත කල යුතුයි... වාර්ගි අර්බුදයක් ඇති නොවීම සතුටක්..... අගමැති රනිල්

අප්‍රේ 28, 2019

    ප්‍රචණ්ඩත්වයට මඟ පාදන වෛරී ප්‍රකාශවලට එරෙහි නව නීති ගෙන ඒමට අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඉස්ලාමීය අන්තවාදීන්ට බහුතර මුස්ලිම් ප්‍රජාවගේ බිම් මට්ටමේ සහයක් නොමැති බව ඔහු පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ දූර්දර්ශන් මාධ්‍ය නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
    මාධ්‍යවේදියා.
    ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙයි කියලා ඔබ විශ්වාස කළාද?
    අග්‍රාමාත්‍යවරයා.
    මම විශ්වාස කළේ නැහැ. මෙවැනි විශාල ප්‍රහාරයක් වෙයි කියලා. ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරය ඇසීමෙන් මා තැතිගත්තා.
    මාධ්‍යවේදියා.
    ඉන්දියාව මේ දක්වා උපකාර කළේ කෙසේද?
    අග්‍රාමාත්‍යවරයා.
    ඉන්දියාව අපට එම තොරතුරු ලබාදුන්නා. එයට අප ස්තුති කරනවා. අවාසනාවකට අපට ඒ පිළිබඳ ක්‍රියා කළ නොහැකි වුණා.
    මාධ්‍යවේදියා.
    දැන් ඇති ප්‍රධානතම අභියෝග මොනවාද?
    අග්‍රාමාත්‍යවරයා.
    එල්ටීටීය වැනි දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් මෙරට තිබුණා. දැන් අපි මුහුණ දෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදයේ කොටසකට. ඊට අප මුහුණ දිය යුතුයි. මෙහි ඇති දීප්තිමත් පැත්ත නම්, මෙරට සංහිඳියාව ක්‍රියාත්මකයි. වාර්ගික අසමගිය ඇති වුණේ නැහැ. ක්‍රිස්තියානි, මුස්ලිම් සියල්ල සිටින්නේ එකට. ඒ මත අප ඉදිරියට ගොඩ නැගිය යුතුයි. ඊට සමානව ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුයි. ආර්ථිකය ගැන අප තරමක් කණගාටුයි. ලබන අගෝස්තු සංචාරක සමය ආරම්භ වන විට සංචාරකයන් යළි පැමිණේවි. එහෙත්, එහි ආදායම් අපේක්‍ෂා කළ පරිදි ඉහළ අගයක් නොගනීවි.
    මාධ්‍යවේදියා.
    අන්තර්ජාතික ප්‍රජාවගේ විශ්වාසය ගොඩනගන්නේ කෙසේද?
    අග්‍රාමාත්‍යවරයා.
    අප පරීක්‍ෂණ ඉදිරියට ක්‍රියාත්මක කර එහි ප්‍රගතියක් අත්කර ගත් විට එය දැනගැනීවි. එමඟින් අවශ්‍ය විශ්වාසය ගොඩ නැගේවි.
    මාධ්‍යවේදියා.
    මෙවැනි නව ත්‍රස්තවාදයක් මර්දනය කරන්නේ කෙසේද?
    අග්‍රාමාත්‍යවරයා.
    අපි මෙම තත්වයට හුරුවෙමින් ඉන්නේ. වාසනාවකට බහුතර මුස්ලිම්වරුන් ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ගෙන් ත්‍රස්තවාදයට සහයක් නැහැ. මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායම්වලට බිම් මට්ටමේ සහයක් නැහැ.
    මාධ්‍යවේදියා.
    මිනිසුන්ට දැනගන්නට ඕන ඇයි ශ්‍රී ලංකාව? කොතැනකද වැරදුනේ?
    අග්‍රාමාත්‍යවරයා.
    මම දන්නේ නැහැ ඇයි කියලා. ඔවුන්ගේ බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියා මුල් සබඳතා හරහා මෙය සිදුවන්නට ඇති. දේශීය කරුණුවලට වඩා ගෝලීය කරුණු ඔවුන් පොළඹවන්නට ඇති.
    මාධ්‍යවේදියා.
    ගොඩක් අන්තවාදී කණ්ඩායම් විවිධ ප්‍රකාශ කරනවා. මෙවැනි වෛරී ප්‍රකාශ නැවැත්වීමට ක්‍රියා කරන්නේ කෙසේද?
    අග්‍රාමාත්‍යවරයා.
    අන්තර්ජාතික සිවිල් හා දේශපාලන සම්මුතිය අපට තියෙනවා. ඒ යටතේ වෛරී ප්‍රකාශ කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකියි. නමුත් දැන් අපි නව නීති සළකා බැලිය යුතුයි. අන්තවාදය පමණක් නොවන ප්‍රචණ්ඩත්වයට මඟ පාදන වෛරී ප්‍රකාශවලට එරෙහිව.

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 19:42

    Latest News