භික්ෂූන් වහන්සේලාට රක්ෂණයක්

ජූනි 14, 2019

    භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා සවස 3.00 ට කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ.

    දිවයින පුරා වැඩ වෙසෙන සියලුම භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීම මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරෙන බව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඤාණාලෝක හිමියෝ පැවැසූහ.

    ලබන 26 වැනි දින සංකේතාත්මකව භික්ෂූන් වහන්සේලා 2000 ක් සඳහා රක්ෂණාවරණ පිරිනමන බව පැවසූ උන්වහන්සේ ඉන්පසු දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවත් පැවැසූහ.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බුද්ධශාසන අමාත්‍යාංශය විසින් මෙම කටයුතු සිදුකරනු ලබයි.

    Latest News