සුරේන් රාඝවන් - සාමයට කඩන ආවා සමග සාකච්ඡා කිරීමට සූදානම්

ජූනි 15, 2019

    කිසිදු ආරක්‍ෂකයෙකු නොමැතිව පැමිණ, ආවා කල්ලිය සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි.

    ඒ, එම කල්ලියේ බවට සැක කෙරෙන පිරිසක් කොකුවිල් දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිදුවීමට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් අවිගත් ප‍්‍රචණ්ඩත්වය සහ විවිධ සමාජ විරෝධී ක‍්‍රියා දියත් කරන මෙම කණ්ඩායමේ, ප‍්‍රශ්න සහ ගැටළු ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ඡා කිරීමට, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා අරමුණ වේ.

    රටේ කුමන ස්ථානයක, කුමන ජන කණ්ඩායමකට විරුද්ධව ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලට ඉඩක් ලබා නොදෙන බව ඔහු අවධාරණය කර සිටි.

    ඕනෑම ගැටළුවක් විසඳ ගැනීමට ඇති හොඳම මාර්ගය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ඡාවට එළැඹීම බව ඔහු කියා සිටි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුකිරීම වෙනුවෙන් තමන් ඕනෑම වෙලාවක පෙනී සිටින බවත්, ආචාර්ය සුරේන් රාඝවන් මහතා පෙන්වා දේ. ආවා නමින් ක‍්‍රියාත්මක මෙම කල්ලිය උතුරේ ජන ජීවිතය ව්‍යාකූල කිරීමටඋත්සාහ දරන්නේ කුමන හේතුවක් මතද යන්න සහ ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳව සෘජුව ඔවුන් මුණ ගැසී සාකච්ඡා කිරීමට සූදානම් බව ආචාර්ය සුරේන් රාඝවන් කියා සිටි.

    ඒ සඳහා එම කල්ලියට විවෘත ආරාධනාවක් කරන බවත්, ඔවුන් පවසන ඕනෑම ස්ථානයකට, ඕනෑම වෙලාවක කිසිදු ආරක්‍ෂක නිලධාරියෙකු නොමැතිව පැමිණීමට සූදානම් බවත් උතුරු පළාත්ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි.

     

    Latest News