ආර්ථික දුෂ්කරතාවට මව සහ දරු දෙදෙන දිවි තොරකර ගනී

ජූනි 15, 2019

    ඊයේ (14) පස්වරු 6.20ට පමණ කොල්ලුපිටිය සන්හිල් හෝටලය අසල දුම්රිය මාර්ගයේදී කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක් හා ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි ජනම දර්ශනී රාමයියා නම් 32 හැවිරිදි කාන්තාවක් හා වයස 8 හා 12 වූ ඇයගේ පිරිමි දරුවන් දෙදෙනෙක්.

    රෝගී තත්ත්වයන් සහ ආර්ථික අපහසුතා හේතුවෙන් මෙලෙස දිවි හානිකර ගන්නා බවට ලිපියක් ඇයගේ ගමන් බෑගය පරික්ෂාවේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2019 12:28

    Latest News