ඇමති ආරක්‍ෂක නිලධාරියාව හඳුනා ගැනේ

නොවැ 12, 2018

    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ භුමියේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අද පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්කිකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරියාව හඳුනාගෙන තිබේ.

    පසුගිය 28 වැනිදා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුලුවීමට ගිය අවස්ථාවේදී උණුසුම් තත්වයක් හට ගැණින. එහිදී වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙකු ජිවිතක්‍ෂයට පත්විය.

    අද මෙම සිද්ධිය හා සම්බන්ධ නඩුව කැඳවූ අතර, සාක්කිකරුවන් තිදෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා නම්කර තිබිණ. ඉන් සාක්කිකරුවන් දෙදෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සැකකාර ඇමති ආරක්‍ෂක නිලධාරියාව හඳුනාගනු ලැබිණ. තෙවන සාක්කිකරු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් ලබන 15 වැනිදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය අද කියා සිටියේය.

    ඒ අනුව සැකකාර ඇමති ආරක්‍ෂක නිලධාරියාව ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. එදිනට මරණ පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts  සමග එක්වන්න..Ru News Alert Super 00238

     

     

     

     

     

     

     

     

     

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 18:26

    Latest News