ජනාධිපතිවරණය නියමිත දිනයට පැවැත්වීමට නොහැකි එකම හේතුව මහින්ද දේශප්‍රියගෙන් (වීඩියෝ)

ජූලි 22, 2019

    ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් 09 වැනි දිනට පෙර අනිවාර්යෙන්ම පවත්වන බව,මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, මැතිවරණ කොමිසන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා...

    “2018 නාම ලේඛනය තමයි අපි ඉදිරි ජනාධිපතිවරණයට පාවිච්චි කරන්නේ. ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් 09 වැනි දින පසුව, දෙසැම්බර් 09 වැනි දිනට පෙර පවත්වනවා. අපිට නොවැම්බර් 10 පවත්වන්න බැහැ. එදා ඉරිදා. දෙසැම්බර් 08 පවත්වන්න බැහැ එදත් ඉරිදා. නොවැම්බර් 11,12,13,14 යන දිනවල පවත්වන්න බැහැ 14 වැනිදා පසලොස්වක පොහොය. අපේ ලංකාවේ ඡන්ද පොළෙන් 20%-30%ක් විතර පන්සල්. ඡන්දේ තියන්න ගන්න පුලුවන් ළඟම දවස නොවැම්බර් 15. දෙසැම්බර් 07 තමයි ළඟම දවස. ඔය දින දෙක ඇතුළත ඕනෑම දිනයක ඡන්ද විමසීම පවත්වන්න පුලුවන් කියලා මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, කතානායකතුමා සහ විපක්‍ෂ නායකතුමා ඇතුලු සියලු දෙනාටම දැනුම් දුන්නා. ජනාධිපතිතුමා ඉන්දියාවෙදිම කිව්වා දෙසැම්බර් 07 වැනිදා ඡන්දය තියනවා කියන එක. සමහර අයගේ මතයක් තියෙනවා ඡන්දේ තියෙන එක ඔය කාලේ වළක්වන්න පුලුවන් කාටද? එක්කෙනෙකුට පුලුවන්. ජනාධිපතිතුමාට පුලුවන්. ඉස්සරහට ගන්න පුලුවන්. පස්සට ගන්න බැහැ. සමහරු යනවා සුප්‍රිම් කෝට් එකට ගිහිල්ලා වෙනස් කරන්න. ජනාධිපතිතුමාම ප්‍රකාශ කරලා තියෙනවා 07 වැනිදා එතුමා අධිකරණයට යන්නේ නැහැ කියලා සහ එතුමා අපි සමඟ පැවසුවා සාකච්ජාවේදී අපිට ප්‍රතක්‍ෂ වුණ බව අපි ප්‍රකාශ කරන්න කැමතියි. මතය විමසීමක් කරුණක් එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙ

    න්ම ලෝක විනාශය හෝ මුරුගසන් වර්ෂාව ආවේ නැත්නම් ඡන්ද විමසීම ඔය කාල සීමාව තුළ තියනවා“ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on සදුදා, 22 ජූලි 2019 20:14

    Latest News