ආරක්ෂක ලේකම් සහ හමුදාපති මඩකලපුවේ සංචාරයක

අගෝ 10, 2019

    පිරිසක් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණයට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු පිරිසක් අද චාරිකාවක නිරතවී තිබේ.

    දේවස්ථානයේ සිදුවන ප්‍රතිසංස්කරණ එහිදි නිරීක්ෂනයට ලක්වි ඇත.

    පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හමුදා සෙබලුන් විසින් සිදුකරති. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය.

    මඩකලපුවේ ආරක්ෂක තත්වය අද වන විට සාමකාමි තත්වයට පත්ව තිබෙන බව ඔහු කියා සිටියේය.

    Latest News