මිලියන ගණනින් දිනනව කිව්වට ඡන්ද ලක්ෂ 40 ක් වැට උඩ - මහින්ද (වීඩියෝ)

අගෝ 10, 2019

    ජනාධිපතිවරණය ජයගන්න පහසු නොවන බවත් ලක්ෂ 40 ට වැඩිපිරිසක් තම ඡන්දය ගැන තීරණය කර නොමැති බවත් පා.ම. මහින්ද අමරවිර පවසයි.

    ‘‘සමහරු කියනවා මිලියන ගණන්වලින් දිනනව කියල, අධි තක්සේරු කරන්න හොඳ නෑ. පළමුවරට ඡන්දය පාවිච්චි කරන අයගේ ප‍්‍රමාණය විශාලයි. ලක්ෂ 40ක් ඉන්නවා කාටද ඡන්දය දෙන්නේ කියලා තීරණ නොකරපු. එ් අය ඉන්නේ සෝෂල් මීඩියාවල එ් අය රවටන්න බෑ.’’යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද පැවති උත්සවයක දී ප‍්‍රකාශ කර ඇත.

    අඟුණුකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්නපුර සහ හම්බන්තොට දිස්ත‍්‍රික් මායිම්වල පිහිටි ගම්මාන රැසකට පානීය ජලය ලබාදීම සඳහා ඉදිකරන ලද දික්වැව ජනසෙත ප‍්‍රජා ජල ව්‍යාපෘතිය වැඩ නිම නොකිරීම නිසා අවට ග‍්‍රාම නිලධාරී වසම් රැසක මහජනතාව පානීය ජලය නොමැති කමින් පීඩාවට පත් ව සිටී. ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයට මහින්ද අමරවීර මහතා කරන ලද ඉල්ලීමකට අනුව ඉහත ව්‍යාපෘතියේ වැඩ නිමකිරීම සඳහා රුපියල් ලක්ෂ 75 1/2 ක් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හරහා ලබාදී ඇත. මෙමගින් ව්‍යපෘතියේ ජල ගබඩා කුළුන සහ අනෙකුත් ඉදිකිරීම් අද දිනආරම්භ කරන ලදී. දෙසැම්බර් මාසයට පෙර සියලු ඉදිකිරීම් නිමකොට ජනතා අයිතියට පවරන බව දිස්ත‍්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප‍වසයි.

    ඒ අතර එම උත්සවය අවසානයේ මාධ්‍යවේදීන් හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා හෙට පැවැත්වෙන පොදුජන පෙරමුණේ සම්මේලනය ගැන සහ එම පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන සාකච්ඡා සම්බන්ධව අදහස් දැක්වීය.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා....

    “ශ්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරු සාකච්ඡා කරන්නේ පොදුජන පෙරමුණට විරෝධය සඳහා නොවේ. අපි හෙට පැවැත්වෙන පොදුජන පෙරමුණේ සම්මේලනයට සහභාගි වෙන්නේ නෑ. එ්ත් අපි සුභපතනවා. අපි සාකච්ඡා කරන්නේ ජනාධිපති අපේක්ෂකයා කව්ද යන්න ගැන නෙවෙයි. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක සම්බන්ධවයි ”

    Latest News