ගසක් කඩා වැටී නිවාස 10,000කට විදුලිය නැති වෙයි

අගෝ 10, 2019

    හුනුපිටිය ප්‍රදේශයේ විදුලි රැහැන් මතට ගසක් කඩා වැටීමෙන් කිරිබත්ගොඩ හා ඒ අවට විදුලි පාරිභෝගිකයින් 10,000කට අධික ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබේ.

    අද (10) ප.ව. 4:00 ට පමණ සිද්ධිය සිදුවී ඇති අතර කිරිබත්ගොඩ විදුලි උප පොලේ සිට විදුලිය රැගෙන යන වෝල්ට් 11,000 ක විදුලි රැහැන් මතට මේ ගස කඩා වැටී ඇති. කඩා වැටුනු ගස කපා ඉවත් කිරීම සහ විදුලි රැහැන් පද්ධතිය යථා තත්වයට පත් කිරීම මේ වන විට කඩිනමින් සිදු වන බව වාර්තාවේ.

    එම රැහැන් පද්ධතිය යථා තත්වයට පත් වන තෙක්, මෙම සිදුවීමෙන් විදුලිය බිඳවැටුනු පාරිභෝගිකයන් වෙත වෙනත් ප්‍රදේශ හරහා විදුලිය ලබා දීම සිදු කරන බව, විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක හා සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

    Latest News