සුළඟේ වේගය තවදුරටත් ඉහළට

අගෝ 11, 2019

    වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ, ගොඩබිම් ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60-65ත් දක්වා ක්‍ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩිවිය හැකියි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 65-70 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගනු ඇත. උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ නිවේදනයේ දැක්වේ. එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60-70 දක්වා සුළඟේ වේගය වර්ධනය වීමෙන් දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News