දිගම්පතහ අනතුරින් සිව්දෙනෙකුගේ තත්වය බරපතලයි

අගෝ 23, 2019

    සීගිරිය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදු වූ අනතුරකින් මගීන් 22 කු තුවාල ලබයි.

    සිව් දෙනෙකුගේ තත්වය බරපතල බව පැවසේ.

    ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී බස් රථය පෙරළී යාමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරින් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු ඇතුළු මඟීන් තුවාල ලබූ අය අතර වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News