ශ්‍රී.ල.නි.ප. තීරණය ලබන 3 වැනිදාට පෙර (විඩියෝ)

අගෝ 25, 2019
  • ඉදිරි ජනාධිපතිවරණයට, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනවාද, නැතිනම් වෙනත් අපේක්‍ෂකයෙකුට සහය ලබා දෙනවාද යන තීරණය ලබන 3 වැනිදාට පෙර ගන්නා බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    බදුල්ල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.“ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ වෙන්න පුලුවන් රටේ තියෙන අර්බුදවල ඔබතුමා විසඳිය යුතුයි. අපි ජනතා අභිලාෂයන්ට හා ජනතාවගේ කැමැත්ත ගන්නේ. අපේ අපේක්‍ෂකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් කරනවාද නැද්ද කියන එක අවසාන තීරණය අපි ළඟදීම ගන්නවා. අපි තීරණයක් ගන්නේ තුන්කොන් සටනක් කරලා ප්‍රතිවාදී යම් අපේක්‍ෂකයෙකුගේ ජයග්‍රහණයට වක්‍ර ලෙස දායක වෙන්න නෙමෙයි කියලත් කියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වශයෙන් අපේ ප්‍රතිපත්තිවලට, වැඩපිළිවෙළට වඩාත් සමීප අපේක්‍ෂකයා කවුද , අපේ පාක්‍ෂිකයන්ගේ වැඩි කැමැත්ත තියෙන අපේක්‍ෂකයා කවුද? මෙන්න මේ කාරණා සමාලෝචනය කරලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තමන්ගේ දේශපාලන තීන්දු ගන්නේ. අපේ සම්මේලනය 03 වැනි දා තියෙනවා. අපේ ජනාධිපතිතුමා ඇතුලු අපිට මේ පිළිබඳව වඩා ජනතාව අගය කරන තීන්දුවක් අපිට ගන්න පුලුවන්“ යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 20:16

    Latest News