කාන්තා කාතිවරියකගේ සේවය අවශ්‍යයි; පා.ම. මුස්තාෆා (විඩියෝ)

අගෝ 25, 2019
  • කාති උසාවියේ කටයුතු කරගෙන යාම සඳහා කාතිවරියකගේ සේවය ලබාගැනීමේ පහසුකම සලසන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    මුස්ලිම් විවාහ, දික්කසාද හා නීති කෙටුම්පත් පාර්ලිමේන්තු සංශෝධනයේ දී එම ඉල්ලීම සිදු කිරීමට අපේක්‍ෂිතයි. මරදාන කයිරියා බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඊයේ මේ බව කියා සිටියා. 

    “අවුරුදු 10ට වඩා සාකච්ජාවට ලක්වූ විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් මේ රටේ මුස්ලිම් කාන්තාවන් දිගින් දිගට සටනක් ගෙන ගියා. මා එදා පටන් කියපු දෙයක් තමයි අපි මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය අපේ අසරණ ජනතාවගේ දුෂ්ඨි කෝණයෙන් බැලිය යුතුයි කියලා. අපට යම් කාරණාවලට එකඟතාවයට ලක්වීමේ හැකියාව ලැබුණා. නමුත් කාන්තාකාදිවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරේ එකඟතාවයක් නොතිබීම නිසා මේ සංශෝධනය ඇතුලත් නොතිබී තියෙනවා. නමුත් අපිට මේ කාන්තා කාදිවරු අවශ්‍යයි. ඒ නිසා මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී කාන්තා කාදිවරු ලබාදීමේ වරම සම්බන්ධයෙන් මගේ පූර්ණ සහයෝගය දක්වනවා“යැයි ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

    කයිරියා බාලිකා විද්‍යාලයේ ඉදි කෙරුණු නව ගුවන් පාලම සිසු අයිතියට පැවරුණේ ද මුස්තාෆා මහතා අතින්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ඊට වැය කළ මුදල රුපියල් මිලියන 26ක්.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 20:06

    Latest News