හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

සැප් 27, 2019

    මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රැම් 367ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේය.

    සැකකරුවන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සතුව තිබු රුපියල් ලක්ෂයක පමණ මුදලක්ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (27) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News