ගොවියා නඟා සිටුවීමට කටයුතු කරනවා; ගෝඨාභය රාජපක්‍ෂ

ඔක් 29, 2019

    කෘෂිකර්මාන්තයට විශාල ආයෝජනයක් සිදුකර ගොවියා නඟා සිටුවීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    බිබිල ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

    එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා...

    “අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන්. මෙවර පොහොර නොමිලයේ ලබා දෙන්නට තීරණය කරලා තියෙනවා. විවිධ හේතූන් මත ගොවීන් ණය බරින් පෙළෙනවා. සියලුම ගොවි ණය කපා හැරීමට තීරණය කරලා තියෙනවා. සෑම බෝග වර්ගයකම හොඳ බීජ වර්ග ගෙන එන්නට අපි ලංකාව තුළ බීජ වර්ග නිෂ්පාදනය කිරීමට, ඒ වගේම තාක්‍ෂණය ගෙන එන්නට අපි විශාල ආයෝජනයක් කරනවා. ඒ වගේම ගොවි රක්‍ෂණය, ගොවියා වෙනුවෙන් විශ්‍රාම වැටුපක්, මේවා අපේ කාලය තුළ දී අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මාන්ත දියුණු කරන්නට, උද්යෝග කරන්න කෘෂිකර්මාන්තය වෙනුවෙන් යෙදෙන කර්මාන්තවලට අපි බදු සම්පුර්ණයෙන්ම නිදහස් කරන්න. ඒ වගේම කෘෂිකර්ම උපකරණ වෙනුවෙන් බදු අඩු කිරීමට. මෙන්ම මේ වගේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. එදා මහින්ද රාජපක්‍ෂ යුගයේදී වගේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Latest News