නීති විරෝධී රන් භාණ්ඩ සමඟ ශ්‍රී ලාංකිකයන් 14 ක් අත්අඩංගුවට

නොවැ 01, 2019

    නීති විරෝධි ලෙස රන් භාණ්ඩ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ශ්‍රී ලංකිකයින් 14 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි මොවුන් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බවයි, රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සිය ඇදුම් තුළ සඟවා මෙරටට රැගෙන ආ කිලෝග්‍රැම් 04යි ග්‍රැම් 700ක් පමණ බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත.

    මෙහි වටිනාකම රුපියල් තුන්කෝටි දහනම ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය අසුවක් බවයි, ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 50ත් වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

    සැකකරුවන් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Latest News