සහරාන්ගේ අනුගාමිකයින් සොයා තමිල්නාඩුවේ ස්ථාන 6ක් සෝදිසි කරයි

නොවැ 01, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරයේ පුධාන සැකකරු ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයින්ට අයත් බව සැළකෙන තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 06ක් සෝදිසි කිරීමකට ලක් කර තිබේ.

    ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (31) දිනයේ මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    අයි.එස්.අයි එස් සංවිධානයට සහ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළ මෙම සෝදිසි කිරීම් සිදුකර ඇත.

    මේ වනවිට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම සෝදිසි කිරීම් සිදුකර ඇති බව, ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පෙන්වා දේ.

    සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ලැප්ටොප් පරිගණක 02ක්, ජංගම දුරකථන 08ක්, සිම්කාඩ් පත් 05ක්, එස්.ඩී කාඩ්පතක් සහ විවිධ ලේඛණ 14ක් සොයා ගෙන ඇත.

    Latest News