තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

නොවැ 01, 2019

    2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත් සිදු කෙරේ.

    ඒ අනුව ඊයේ දිනයේ සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වු තැපැල් ඡන්දදායකයින්ට අද පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාලය තුළ සිය රාජකාරී ස්ථානයේදී ඡන්දය ප‍්‍රකාශ කළ හැකි බවයි, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

    මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව හය ලක්ෂ පනස් නවදහස් පන්සිය පහළොවක්.

    මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි පොලීසිය පවසයි.

    Latest News