නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ 16 කු දිවුරුම් දේ (වීඩියෝ)

නොවැ 22, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (22) දිවුරුම් දෙනු ලැබීය.

    ඒ අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව අමාත්‍යවරුන් 15 දෙනෙකු දිවුරුම් දී ඇත.

    මෙම අමාත්‍යවරුන් ඉදිරි මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක අමාත්‍යවරුන් ලෙස කටයුතු කරනු ඇති.

     

    01 අගමැති මහින්ද රාජපක්ෂ - මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය:

    02 නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම්, නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය 

    03 ආරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්වීම හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

    04 දිනේෂ් ගුණවර්ධන - විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය

    05 පවිත්‍රාදේවි වන්නිආරච්චි - කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය

    06 ඩග්ලස් දේවානන්ද - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය

    07 බන්දුල ගුණවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවොත්පාදන අමාත්‍ය

    08 ජනක බණ්ඩාර - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පාළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    09 ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය

    10 චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂිකර්ම, වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධනය, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතාවය හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය

    11 ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග, මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය

    12 විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාන, ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන, කාර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍ය

    13 මහින්ද අමරවීර - මගී ප්‍රවාහන කළමණාකරන, විදුලිබල හා බලශක්ති 

    14 එස්.එම්. චන්ද්‍රසේන - පරිසර හා වන ජීවීසම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

    15 රොමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍ය

    16 ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය

     

    Last modified on සිකුරාදා, 22 නොවැම්බර් 2019 19:59

    Latest News