සිංහ පිලේ පළමු පුහුණු තරගය අද

මැයි 28, 2024
    20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සමගාමීව ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය ශ්රී ලංකා වේලාවෙන් අද (28) රාත්රී 8.00ට ආරම්භ වනවා.

     තරගය පැවැත්වෙන්නේ, නෙදර්ලන්ත කණ්ඩායම සමගයි.

    ශ්රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා.
     
    20- 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්රිකානු කණ්ඩායම සමග ජුනි 3 වැනිදා පැවැත්වෙනු ඇති.

    Latest News