වර්ෂාවෙන් මග නතර කළ අවසන් පූර්ව තරගය අද

ජූලි 10, 2019

    වර්ෂාව නිසා ඊයේ අතහැර දැමූ ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද යළි ආරම්භ වෙයි. පළමු අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර්හිදී ඊයේ පැවැත්විණ.

    ඒ ඉන්දියාව හා නවසීලන්තය අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 46යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටියා.
    ඉන් අනතුරුව පිටියට ඇඳ හැලුණු වර්ෂාව නිසා තරගය තාවකාලිකව නතර කෙරුණු අතර අද යළි තරගය ආරම්භ වන්නේ නවසීලන්තය ඊයේ අවසන් කළ තැන සිටයි.

    Last modified on බදාදා, 10 ජූලි 2019 08:33

    Latest News