‘කොවිඩ් - 19’ අතරවාරයේ කෝටි 11 ක් උපදී

මැයි 08, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ් - 19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි.

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත.

    මාස 9 ක් ඇතුළත දරුවන් මිලියන 116 ක් උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇතත්, එම කාලය ඇතුළත කොරෝනා වසංගතය තුරන් වන බවට කිසිම ආකාරයේ තක්සේරුවක් මෙතෙක් සිදුකර නැත.

     

    Latest News