නව කොරොනා වසංගතයට එකමුතුව මුහුණ දෙන බවට ජී -7 කණ්ඩායම ප්‍රතිඥා දෙයි

පෙබ 20, 2021

    ඊයේ (19) වීඩියෝ සාකච්ඡාවකට එක්වූ ජී 7 කණ්ඩායමේ නායකයෝ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළහ.

    එම නිවේදනයට අනුව, නව කොරොනා වසංගතය මර්දනය කිරීම සඳහා ජී 7 කණ්ඩායම සහයෝගිතා පැවැත්වීමෙන් 2021 වසර, බුහුපාර්ශ්විකවාදයේ සන්ධිස්ථානයක් බවට පත්වනු ඇත.

    එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්ව හා සම්බන්ධීකරණ කාර්යභාරයන් ශක්තිමත් කිරීම, ලෝක එන්නත් පර්යේෂණ හා බෙදා දීමේ කටයුතු කඩිනම් කිරීම, නිෂ්පාදන ක්ෂේත්‍රය සමඟ එන්නත් නිෂ්පාදන හැකියාව තහවුරු කිරීම, තොරතුරු බෙදා හැරීම ශක්තිමක් කිරීම මෙන්ම නිසි ආකාරයෙන් සාධාරණ ලෙස එන්නත් බෙදා හැරීම සහතික කිරීම පිළිබඳව ජී 7 කණ්ඩායම එම නිවේදනය මගින් ප්‍රතිඥා ලබා දුන්නේය.

    මේ වසරේ ජුනි මස බ්‍රිතාන්‍යයේ පවත්වෙන ජී 7 කණ්ඩායමේ ඉහළ පෙළේ සමුළුවේදී අදාළ කටයුතු සඳහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුමකට එළඹීමට නායකයින් තීරණය කළ බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

    Latest News