අමෙරිකාව පැරිස් ගිවිසුමට නිල වශයෙන් නැවත එක් වේ

පෙබ 20, 2021

    අමෙරිකාව පැරිස් ගිවිසුමට නිල වශයෙන් ආපසු එක් වූ බව එරට රාජ්‍ය ලේකම් Antony Blinken මහතා ඊයේ(19) ප්‍රකාශ කළේය.

    “පෙර නොවූ විරූ ගෝලීය ක්‍රියාකාරී රාමුවක්” වශයෙන් පැරිස් ගිවිසුම, විනාශකාරී ගෝලීය උෂ්ණත්වය වැළැක්වීමට හිතකර වන අතර ලොව පුරා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ද උපකාරී වන බව ඔහු ඊයේ(19) නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දුන්නේය.

    දේශගුණික විපර්යාසය සහ විද්‍යාත්මක රාජ්‍යතාන්ත්‍රිකභාවය තවදුරටත් අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට අඩංගු “ඇමුණුම්” නොවන නිසා, දේශගුණික විපර්යාසයෙන් ඇති තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීම සහ විද්‍යාඥයන්ගේ උපදෙස්වලට සවන් දීම ඇමරිකානු දෙස් - විදෙස් ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා වනු ඇති බව ද Antony Blinken මහතා අනාවරණය කර තිබේ.

    Latest News