කාබුල් නුවර, බෝම්බ පිපිරීමකින් 7ක් මරුට

මාර් 14, 2021

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර, හීරත් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 7ක් මියගොස් තිබේ.

    බෝම්බය මෝටර් රථයක අටවා තිබියදී පුපුරා ගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මියගිය අය අතරට කාන්තාවන් හා කුඩා ළමුන්ද ඇතුළත්. පිපිරීමෙන් තවත් 53ක් තුවාල ලැබූහ. ඉන් නගරයේ කඩ සාප්පු ඇතුළු දේපල රැසකට ද හානි සිදුවී තිබේ.

    ප්‍රහාරය සම්බන්ධ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැත. ඇෆ්ගනිස්තාන බලධාරීන් සැක කරන්නේ මෙය එරට තලෙයිබාන් සටන්කාමීන්ගේ ප්‍රහාරයක් විය හැකි බවයි. 2001 වසරේ පටන් තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගනිස්තානය අතර, විවිධ ගැටුම් පවතී.

    Latest News