ක්‍රයිස්ච‍ර්ච් වෙඩි තැබීමෙන් මිය ගියගණන 49ක්

මාර් 15, 2019
  • UPDATE -නවසීලන්ත වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය ගණන 49ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

     

    මේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් ඕස්ට්‍රේලියානු ජාතිකයා අන්තවාදී ත්‍රස්තවාදීයෙක් ලෙස ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හඳුන්වා දී ඇත. මේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් අතුරින් එක් අයෙක් මේ වන විට ඊට සම්බන්ධයක් නැති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

     

    ක්‍රයිස්ච‍ර්ච් වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට - (12.37)

    නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් වෙඩිප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇති බව මේ වන විට වාර්තාවේ.

    ක්‍රයිස්ච‍ර්ච් වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට - (10.24)

    නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හි දේවස්ථානයකට වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව පුද්ගලයන් තිදෙනෙක් සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් ලැබෙන අලුත්ම ආරංචි මාර්ගවල සඳහන් වේ.

    මේ අතර නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් ප්‍රකාශ කරන්නේ මේ දිනය නවසීලන්තයේ අඳුරු දිනවලින් එකක් බවයි. ඇය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව අවධාරණය කරයි.

    "මේ ප්‍රහාරයෙන් හානියට පත් වූ ඇතැම් අය නවසීලන්තයට සංක්‍රමණය වූ අය හා නවසීන්තයට සරණාගතයින් ලෙස පැමිණි අයයි. ඔවුන් නවසීන්තය තම නිවහන ලෙස තෝරාගත් අයයි. ඔවුන් අපේ අයයි"  යැයි ඇය ප්‍රකාශ කරයි.

    නවසීලන්තයේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පිරිස ඉහළට - 09.08

    නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හී මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වී තිබේ. ප්‍රහාරය හේතුවෙන් වනවිට පුද්ගලයින් 9 කු මියගොස් ඇති බව වාර්තා වේ.

    මේ වනවිට ක්‍රයිස්ච‍ර්ච් අවට සියලු පාසල් සහ දේවස්ථාන වසා දමා අවට ආරක්ෂාව තර කර ඇති බව නවසීලන්ත ආරක්ෂ අංශ ප්‍රකාශ කරයි

    බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් අනූනවයෙන් බේරේ (8.45) 

    නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හී මුස්ලිම් දේවස්ථානයකට එමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වේ.

    කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

    එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇත.

    ප්‍රහාරය එල්ල කළ බව කියන තුවක්කුකරුවන් දෙදෙනා සොයා නවසීලන්ත ආරක්ෂක අංශ මේ වන විටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

     

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 14:15

    Latest News