වායු දූෂණයට එරෙහිව පෙළ ගැසෙන ද. කොරියාව

මාර් 15, 2019

    වායු දුෂණය අවම කිරීම සඳහා දකුණු කොරියානු පාර්ලිමේන්තුව පනත් කිහිපයක් සම්මත කරයි.

    ලොව පුරා සිදුවන වායු දූෂණයට ප්‍රධානතම හේතුව වන්නේ, ඛනිජ ඉන්ධන දහනයයි.

    මෙම අවධානම මඟ හැරීම සඳහා ලොව විවිධ රටවල් විවිධ යෝජනා ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව දකුණු කොරියානු පාර්ලිමේන්තුව පසුගියදා වායු දුෂණයට එරෙහිව සටන් කිරීම සඳහා පනත් කිහිපයක් සම්මත කිරීමට පියවර ගෙන තිබේ.

    පාසල් පංති කාමර සඳහා වාතය පවිත්‍ර කිරීමේ උපකරණ අනිවාර්ය කිරීම, අඩු වායු විමෝචනයක් සහිත ද්‍රවීකරණය කරන ලද පෙට්‍රෝලියම් වායුව අලෙවිය සඳහා පවතින සීමා ඉවත් කිරීම ඊට ඇතුළත් වේ.

    කොරියාවේ වායු දූෂණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ගල් අඟුරු තාප බලාගාර සහ කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය හේතු වී තිබේ.

    Latest News