නත්තල් සැණකෙළිය ඇරඹේ

නොවැ 29, 2018

    අමෙරිකාවේ නත්තල් සැණකෙළිය ආරම්භ වී තිබේ.

    96 වන වාර්ෂික නත්තල් ආලෝක සංදර්ශනය ඊයේ ආරම්භ කෙරුණේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප්ගේ සහභාගිත්වයෙන්. නිව්යෝර්ක්හි සාම්ප්‍රදායික ජාතික නත්තල් සැණකෙළිය පැවැත්වෙන්නේ, 1923 වසරේ සිටයි.

    එය, ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීම එතැන් සිට පැවති සම්ප්‍රදායයි. අමෙරිකාවේ සියලුම ප්‍රාන්ත සහ කොළොම්ඹියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශාල ප්‍රමාණයේ නත්තල් ගස් 56ක් එහි අලංකාරවත් ලෙස ආලෝකවත් කර තිබේ. සැණකෙළිය ආරම්භ වුණේ සාම්ප්‍රදායික නත්තල් සංගීත සංදර්ශනයකින් පසුවයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News