2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්කරුවන් සඳහා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ ආරම්භ කෙරිණ. ඒ දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී. මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවල තැපැල් ඡන්ද විමසීම ලබන 13 වැනිදා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ප්‍රංශය සිය පළාත්පාලන ඡන්දයේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය නීති රීති හඳුන්වා දී තිබේ.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලි හියන් ලූන් එරට හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

මහ මැතිවරණය පැවැත්විමට අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) දින නිකුත් කිරීමට නියමිතයි.

මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට රැස්වීමෙන් පසු තීරණය කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉදිරි මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත අවශ්‍ය මාර්ගෝපදේශ අද දින (03) නිකුත් කරනු ලැබූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ජූලි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ලම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පෙරවරුවේ දහ වන දිනයේත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ.

Latest News