අද(19) පාර්ලිමේන්තුවේ දී සාමකාමීව හා සම්මුතිවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතීය පළ කර තිබේ.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී කිසිඳු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට ජනතාව රැගෙන නොඑන ලෙස ජනපති ඉල්ලා සිටී.

පාර්ලිමේන්තුව ඉදිරියේ දී ක්‍රියාත්මක විය යුතු අන්දම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන පක්‍ෂ නායක හමුවේදී තීරණයක් ගතයුතු බවට එකඟතාවක් ඇතිවී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ( Hanaa Singer ) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

නව රජය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපතිතුමා පවසයි.

Latest News