මහව සිට කොළඹ කොටුවට පැමිණි සීඝ්‍රගාමි දුම්රියේ කාන්තා මැදිරි වල ගමන් ගත් බව කියන පිරිමින් 10 දෙනෙකුට එක් අයෙකුට රුපියල් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.

පෙ.ව. 5/30 ට පාදුක්ක සිට කොළඹ කොටුව බලා ධාවනය වන මන්දගාමී දුම්රිය වටරැක දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වීමේ ප්‍රමාදයක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රී පැවති අධික සුළං නිසා දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් කැලණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

මරදාන දුම්රිය ස්ථානයේ සිට දිනපතා මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක 8058 දරණ රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අගෝස්තු මස 01 දින සිට හබරාදුව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතය දුම්රිය ගමන් වාර 8ක් අවලංගු කර තිබේ. ඒ පොතුහැර - පොල්ගහවෙළ දුම්රිය හරස් මාර්ගයක සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් මියගොස් තිබේ.

හලාවත සිට කොළඹ දක්වා හා කොළඹ සිට හලාවත දක්වා  බලා ධාවනය වන කාර්යාල දුම්රියන් දෙකක් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තිරණය කර තිබේ.

ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට ඊයේ (23) ඇඳිරිනීතිය පවතින අතරතුර රාත්‍රී 10.30ට පමණ ගල් ප්‍රහාරයක් ඒල්ල වී තිබේ.

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මකයි.

බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්ව තිබේ.

Latest News