ඊශ්‍රායල ප්‍රහාරවලින් ගිනි නිවන භටයින් 10ක් මියයයි

ඔක් 08, 2024
    දකුණු ලෙබනනයේ දේශසීමා, ප්රදේශයකට එල්ල වූ ඊශ්රායල ගුවන් ප්රහාරයකින් ගිනි නිවන භටයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි, ලෙබනන් සෞඛ්ය ආමාත්යාංශය පවසන්නේ.

    බාරාචිට්හි නාගරික ගොඩනැගිල්ලක් මෙම ගුවන් ප්රහාරවලට ලක්වීමෙන් මෙම අනතුරු වාර්තා වී තිබෙනවා.
     
    ගිනි නිවන භටහින් පිටතට යාමට සූදානම්ව එහි සිටි අවස්ථාවක මෙම ගුවන් ප්රහාරයට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ.
     
    ඊශ්රායල හමුදාව ප්රහාර සම්බන්ධයෙන් ප්රකාශයක් සිදු කර නොමැත.
     
    දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමට අයත් ඉලක්ක වෙත ප්රහාර ජෙට් යානා මගින් එක රැයකින් ප්රහාර එල්ල කෙරුණා.
     
    ඊශ්රායල හමුදාව ප්රකාශ කරන්නේ, ඊයේ දිනය වන විට දකුණු ලෙබනනයේ ඉලක්ක 120 කට පැයක් ඇතුළත ගුවන් ප්රහාර එල්ල කළ බවයි.

    Latest News