සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය කොරියානු කතුවරියකට

ඔක් 10, 2024

    සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියාවේ හෑන් කෑන්ග් වෙත පිරිනමා තිබෙනවා.

    නොබෙල් කමිටුව නිවේදනය කර ඇත්තේ ඓතිහාසික ඛේදයන් මෙන්ම මනුෂ්‍ය ජීවිතයේ අස්ථිරත්වය සම්බන්ධයෙන් අනාවරණය කරමින් ඇය විසින් රචනා කරන ලද කාව්‍යමය නිර්මාණයක් වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමූ බවයි.

    53 හැවිරිදි හෑන් කෑන්ග් 2016 වසරේදී The Vegetarian නමැති නවකතාව සඳහා ජාත්‍යන්තර මෑන් බුකර් ත්‍යාගය දිනා ගත් අතර එය ඇයගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා.

    සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු දකුණු කොරියානු ලේඛිකාව හෑන් කෑන්ග් වන අතර නොබෙල් කමිටුව විසින් ඇයව හඳුන්වා දී ඇත්තේ සංගීතයට සහ චිත්‍ර කලාවට දැඩිව ඇළුම් කරන තැනැත්තියක් වශයෙන්.

    Latest News