අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් අප්‍රේල් මස 3 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ස.තො.ස අයත් සේවකයින් 153 දෙනෙකු රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කිරිමේ නඩුව ජනවාරි 20 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද අවසර දුන්නේය.

පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පතක් විභාගයට කොළඹ මහාධිකරණය නියම කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදීම අද නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැමිණියේය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පතක් කරුණු තහවුරු කිරීම සඳහා හෙට (27) දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 13 වනදා දක්වා ඉවත්කිරීමට අභියාචනාධිකරණය නියම කරයි.

Latest News