“කොරෝනා වෛරසය“ වගේම නිරෝධායනය පිළිබඳවත් බොහෝ සෙයින් කතාබහට ලක්වේ. මොකක්ද මේ නිරෝධායනය කියන්නේ?
“කොරෝනා වෛරසය“ ආසාදනයෙන් මියගිය 80%ක් වයස අවුරුදු 60ට වැඩි හා වෙනත් නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්. ලොව රටවල් 100කට වඩා වෛරසය ව්‍යාප්ත පවතී. යමෙක් “කොරෝනා වෛරසය“ සීග්‍රයෙන් පැතිරෙන රටක සිට මව්බිමට පැමිණයේ නම්, නිරෝධායනය විය යුතුය. එවැනි රටවල් කිහිපයක් හඳුනාගෙන එහි සිට පැමිණෙන මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.
විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ්...
“නිරෝධායනයේ දී අපි බලාපොරොත්තු වන්නේ රෝග පැතිරීම වැළැක්වීම. අපි නිරෝධායනයට ලක් කරන්නේ නිරෝගී පුද්ගලයින්. රෝගියෙක් නොවේ“.
එසේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොවී ඔබ නිවෙස් බලා ගියහොත්, ඔබේ මවට, පියාට හෝ භාර්යාවට හෝ දූ දරුවන්ට කුමන තත්වයක් ඇතිවිය හැකිද? එය වළක්වා ගැනීම ඔබේ වගකීමයි. ඊට සහයවීමට රජය නිරෝධායන වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ්...
“නිරෝධායනය කොහේද සිද්ධ කරන්නේ. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට කරන්නේ. ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනවා. එහි ඔවුන් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. අපි ඔවුන්ට උපදෙස් ලබා දෙනවා පුලුවන් තරම් සිටින ස්ථානයේ සිටින්න. වැඩිය ගැවසෙන්න යන්න එපා. එමඟිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි හෙයකින් එම පුද්ගලයාට රෝගය වැළඳිලා තිබුණොත් එහි පැතිරිම වැලැක්වීම. ඊට අමතරව කොරෝනා වෛරසය පැතිරෙන රටවලින් පැමිණෙන මගීන් තමුන්ගේ නිවෙස්වල දින 14ක කාලයක් ගත කරන ලෙස අපි ඉල්ලීමක් කරලා තියෙනවා“.
රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට නිරෝධායන පනතට අනුව ක්‍රියාකිරීමට අප බැඳී සිටී. රටට මෙන්ම පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳහා නිරෝධායනයට යොමුවීම යුක්ති සහගත නොවන්නේද?