පරිභෝජනයට නුසුදුසු දොඩම් කන්ටේනරයක් අත්අඩංගුවට

මාර් 15, 2020

    පාකිස්ථානයෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු දොඩම් කන්ටේනර් රථයක් හා නිෂ්පාදිත හා කල් ඉකුත් දිනයක් නොමැති සහල් තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇත.

    දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ දඹුල්ල පොලීසිය එක්ව කජුවත්ත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

    පාකිස්ථාන ජාතිකයා කජුවත්ත ප්‍රදේශයේ කාන්තාවකට අයත් නිවසක මෙම පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළදාම සිදුකර ඇති බව පැවසේ.

    දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

    Latest News