මහජනයා ගැවසෙන උත්සව තහනම් - වි‍රුද්ධ වුණොත් අත්අඩංගුවට

මාර් 15, 2020

    රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමෙන් පැවැත් වීමට සුදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම්, උත්සව ආදිය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සියලු ජනතාව දැනුවත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති ‍කොරෝනා වසංගතය ලංකාව තුළ වැළැක්වීම සඳහා 1897 අංක 3 දරණ රෝග නි‍රෝධායන හා වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

    එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ජේදයේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහිව වැරදි යටතේ 262 දරණ ජීවිතයට අන්තරාදායක වු යම් රෝගයක් බෝවීම පැතිරවීමට තුඩුදෙන නොසැලකිලිමත් ක්‍රියා හා 263 වගන්තියේ සඳහන් ජීවිතයට අන්තරාදායක වු රෝගයක් බෝවීම පැතිර වීමට තුඩු දෙන ද්වේශ සහගත ක්‍රියා මෙන්ම 264 දරණ රෝග නිරෝධායන රීතියකට අකීකරුවීම යන වගන්ති යටතේ රෝග නිරෝධායන සම්බන්ධයෙන් වැරදි දක්වා තිබේ.

     

    Latest News