කොරෝනා වැළැක්වීමට පරිපූර්ණ සැලසුමක් සකස් කරන්න; හිටපු අගමැති

මාර් 15, 2020

    කොරෝනා රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවට හා සියලු පාර්ශවයන්ට පිළිගත හැකි පරිපූර්ණ සැලසුමක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ කොරෝනා රෝග ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්. එමෙන්ම රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ වසංගත තත්වය නිසා මතුවන සමාජ, ආර්ථික ගැටලු අවම කරගැනීමට නම්, සියලු දෙනාට පිළිගත හැකි පරිපූර්ණ සැලසුමක් අවශ්‍ය බව තම විශ්වාසය යැයි ඒ මහතා පවසයි. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට රජය දැනටමත් සැලසුම් සකස් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවත්, එම සැලැස්ම ප්‍රසිද්ධ කිරීමෙන් ජනතාව අතර පැතිර යන බිය තුරන් කළ හැකි බව අදාළ ලිපියෙන් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

    Latest News