සුළුතරයකින් එ්කාධිපතිත්වයට ආ රාජපක්ෂ ගෙදර යැව්වා - අගමැති

දෙසැ 17, 2018

    රට ආරක්ෂා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් ඇති කරන බව අග්‍රමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    මේ තුලින් ඉදිරි මහ මැතිවරණයට තරග කර දැවැන්ත බලයක් සහිතව නැවත ආණ්ඩු බලය හිමිකර ගැනීමට සැලසුම්කර ඇති බව අද ගාලු මුවදොර පැවති "යුක්තියේ සටන" ජනතා රැලිය අමතමින් ප්‍රකාශ කළේය. එයින් රටේ ව්‍යවස්ථාව සහ සාමය සංහිදියාව ගොඩනැගීම ප්‍රමුඛතම අරමුණ බව එහි දී කියා සිටියා..

    අග්‍රමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා - “ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අපේ ව්‍යාපාරය සතියකින් අවසන් වෙයි කියලා හිතුවා.. මම කියන්න කැමතියි ගින්දර මැද්දේ තියෙන්නේ තාච්චිය.. ගින්දරට අපි මුහුණ දුන්නා..ප්‍රජාතන්ත්‍රවාදය ගින්නෙන් ආරක්ෂා කර ගත්තා..ගින්න දැන් නැහැ..අපිට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැන්න හැකිවුණේ ව්‍යවස්ථාවෙන් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ වලල්ලක් ගොඩනැගීමට හැකිවීම නිසයි..අද අපිට මුලුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවේග පරාජය කිරීමට හැකිවී තිබෙනවා..ඓතිහාසික දවස් 51ක ඔබ තමයි මගේ ශක්තිය වුණේ.. මෙතෙන්ට එන්න බැරිවුණ සියළුදෙනාටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැපවුණ සියළු දෙනාටත් මගේ හිස නමලා ආචාර කරනවා..අපේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නට ජනතා පරමාධිපත්‍ය නැමැති ශක්තිමත් වලල්ලක් දැම්මා පමණක් නොවෙයි ස්වාධීන කොමිෂන් ඇතිකළා..ඒකයි අද අපිට මේ අර්බුදයට මුහුණ දීමට හැකිවී තිබෙන්නේ..

    මට අද මතක්වෙනවා හිට්ලර්ව..මහින්ද රාජපක්ෂ ඇයි බලයට ආවේ..මහින්ද රාජපක්ෂ බලයට ආවේ සුළුතර බලයකින්..හිට්ලරුත් බලයට ආවේ සුළුතර බලයකින්..කිසි දවසක බලය තිබුණේ නැහැ..නමුත්, මොකද්ද කළේ ඒ සුළුතර ආණ්ඩුව ඒකාධිපති බලයක් ගොඩනැගුවා..ඒ සුළුතර බලයෙන් මිලියන 10ක් මරලා දැම්මා..ලෝක යුද්ධය ඇති කෙරුවා..හිට්ලර් නමුත් ජර්මනියට කිව්වේ මට අවශ්‍ය වුණේ මහ මැතිවරණයක් පමණයි කියලා..මේ සුළුතර ආණ්ඩුව පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න ගියා..කතානායකතුමාට මුල් ආසනය ගන්න ඉඩ දුන්නේ නැහැ..මොකද්ද මේ මොලේ තියන මිනිස්සුද? රටක් පාලනය කරන්න පුළුවන් අයද? අන්තිමට මිරිස් කුඩු ගැහුවා..ප්‍රජාතන්ත්‍රවාදය මිරිස්කුඩු බවට පත් කෙරුවා...ඊට පස්සේ අපි හයේ පාරවල් ගහන්න පටත් ගත්තා..අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩ පටන් ගත්තා..එතකොට තමයි තේරුනේ මොකද්ද කියලා ඒ ගොල්ලන්ට.

    ව්‍යවස්ථාවෙ සිංහලෙන්ම තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් අවුරුදු හතර හමාරක් ගියාට පස්සේ කියලා...ඒක්සත් රාජධානියේ 2010 ඇති කළ නිශ්චිත කාල පාර්ලිෙම්න්තු පනතින් තමයි අපි මේ ක්‍රමය අරගත්තේ. ඉතින් ඡන්දයක් තියන්න ඕන වුණා නම් ඇයි ආණ්ඩුව ගන්නේ.. පාර්ලිමේන්තුවට ගේන්න ඕන එක යෝජනාවයි..පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින්න කියලා යෝජනාවක් දාන්න තිබුණා.. මහජනතාවට ඡන්දයක් ඕන වුණා නම් අපි කාටවත් විරුද්ධ වෙන්න බැහැ..ඇයි ඒක නොකළේ..මෙතන තිබුණේ මහා කුමන්ත්‍රණයක්..මම එකක් කියන්න කැමතියි..අපි හැම පක්ෂයකින්ම අහන්න යනවා කොයි කාලෙද ඡන්දෙ තියන්න ඕන කියලා..ඒක හරි ලේසියි කරන්න..කොයි පක්ෂෙකටවත් මන්ත්‍රීවරු නැහැ..අපි ඔක්කොම එකතුවෙලා මේක කරමු..ව්‍යවස්ථාව කඩලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැහැ.

    දැන් ඉතින් ජාතිවාදයට ගිහිල්ලා..දැන් කියනවා රට බෙදනවා කියලා..ඉතින් කිව්වනේ දැන් අවුරුදු 20ක් 30ක් රට බෙදනවා කියලා..තව මොනවද කියන්නේ..එකක් කියනවා මේ අය රට බෙදුවා..ආගම ජාතිය ගැන හිතන්නේ නැතුව ඔබලා හැමෝම හිටියා..අපට ප්‍රජාතන්ත්‍රවාදය ඕන කිව්වා..මට කියන්න අවශ්‍යයි එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මෙරට සංහිදියාව අවශ්‍යයි.

    අපට මේ රටේ දේශපාලන විසඳුමක් ඕන මම ඒක ඉදිරිපත් කරන්නේ, ඒකීය රාජ්‍යයක් පදනම් කරගෙන කියලා කියනවා..ඒකෙන් අපි ඉවත් වෙන්නේ නැහැ.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කොමිෂන් ඇතිවුණා..අධිකරණය ස්වාධීන වුණා කියලා මට කියන්න කැමතී..දැන් අපි යළිත් ආණ්ඩුව ලෙස වැඩ පටන්ගන්න තියනවා..ජනතාව අපිට සහය දුන්නා..පසුගිය වසර තුන හමාරක් වැඩ කළා. වගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා වගේම අපේ අඩු පාඩුත් තියනවා..අපිට එදා බැන්නා..අපිට විරුද්ධව ඡන්දය දුන්නා..හැබැයි අවශ්‍ය අවස්ථාවේ දී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හිට ගත්තා..ඔබට එයට ස්තූතියි..

    අපි පාක්ෂිකයන් එක්කත් ජනතාව එක්කත් සමීප සබඳතා පවත්වනවා ඉදිරියේ දී මීට වඩා...අපිට ඕන හොද දේශපාලනයක් කරන්න..හොඳ සමාජයක් ඇති කරන්න..ඒකට අවශ්‍ය පදනම අපි දානවා.

    අපිට තව ප්‍රධාන ඡන්ද දෙකක් තියනවා..ජනාධිපතිවරණය හා මහ මැතිවරණය. මහ මැතිවරනයේ දී තුනෙන් දෙකක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා..මොකද පිනට කරන්න බැහැ..අපි තනියම ඉදලා තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා කියනවා..ඔබගේ මූලික අයිතිවාසිකම් රැක ගන්න අපිට ඒ කටයුතු නිදහසේ කරන්න ඉඩ දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා..

    අපි එක්සත් ජාතික පෙරමුණ හා අනෙකුත් පක්ෂ එකතුවෙලා අළුතෙන් පක්ෂයක් හඳනවා..ඒක තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ..අපේ නීතීඥ මහත්වරු ඒක සකස් කරනවා..සිකුරාදා අපේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණහම මම ඒ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනවා..ආයේ කිසිම සැකයක් නැහැ..ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න විශාල සංධානයක් ඇති කර ගන්නවා..ඒකෙන් තමයි අපි රට ආරක්ෂා කරන්නේ යැයි ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 19:32

    Latest News