තවත් වෘත්තිකයින් කිහිපයකට රජයෙන් 5000 ක් ගෙවයි

අප්‍රේ 15, 2020

    කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව වඩු, පෙදරේරු, ජලනල හා විදුලි කාර්මික, පින්තාරු ඇතුළු තවත් ක්ෂේත‍්‍ර කිහිපයක නිරත පුද්ගලයින්ට එම දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පැවසුවේ.

    මෙම දීමනාව ලබාදීම සඳහා ඉල්ලූම් පත‍්‍රයක් ග‍්‍රාමීය කමිටුවලට ලබාදෙන අතර එම ඉල්ලූම් පත‍්‍ර අදාළ කමිටුවල නිලධාරීන් හරහා අදාළ රැකියාවල නිරත පුද්ගලයින්ට ලබාගත හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ අතර වැඩිහිටි, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින්ගේ අමතර ඉල්ලීම් සඳහා ද රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

    දැනට ප‍්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛනවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින්ට රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන්.

    මෙතෙක් එම දීමනාව නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි, එහෙත්, ග‍්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ද මෙම රුපියල් 5,000 දීමනාව ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.

    Latest News