පැල රෝපණය කිරීමේ නැකත හෙට (19) පෙ.ව. 11.38ට

අප්‍රේ 18, 2020

    අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අනුව පැල රෝපණය කිරීමේ නැකත හෙටට යෙදී තිබේ.

    ඒ පෙරවරු 11.38ටයි. මීට පෙර අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ පැල රෝපණය කිරීමට නැකතක් යෙදී නොතිබිණ. නමුත් මෙවර එම නැකත හඳුන්වාදෙනු ලැබුවේ ස්වයංපෝෂිත දේශයක් බිහි කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීවයි. ඒ අනුව, දිවයින පුරා පැල රෝපණය කිරීමට සමගාමීව විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින්ද රුක් රෝපණ වැඩසටහන් හෙට ක්‍රියාත්මකයි.

    ස්වයංපෝෂිත දේශයකට රූප මාධ්‍ය පෙර ගමන්කරු ලෙස ජාතික නාලිකාව පැල රෝපණය කිරීමේ අවස්ථාව සජීව ලෙස විකාශය කරයි. ඒ සඳහා වෛද්‍ය පීඨ, ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දායකත්වය හිමිවේ. එම වේලාව තුල පැලයක් රෝපණය කර එහි දර්ශන “වට්ස්අප්“ තාක්‍ෂණය ඔස්සේ අප වෙත ලබාදිය හැකියි. 077-1280666 / 071 - 2416446 එම දුරකතන අංකයි.

    Latest News