සුව වුනත් නැවත පසුපස එන කොරෝනා

මැයි 02, 2020

    ජා - ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා - ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.

    ඉකුත් මාර්තු මස 17 වැනි දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වැනි දින නැවත නිවසට යවා ඇත.

    ඉන් අනතුරුව නිවසේ දී නිරෝධනය වෙමින් සිට ඇති හදවත් රෝගියකු වු මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.

    එහිදී එම රෝගියාට නැවතPCR පරීක්ෂණය සිදු කර ඇත.

    එහිදී (02) දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි.

    අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

    Latest News