ජාතික වෙසක් සතිය 04 සිට 08 දක්වා

මැයි 02, 2020

    ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

    ඒ අනුව එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව, බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කළේය.

    එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    ජාතික උත්සවය හොරණ ගෝනපොල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

    කෙසේවෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් පමණක් මෙම ජාතික උත්සවය සඳහා එක්කර ගැනීමට නියමිත බව, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

    Latest News