බන්ධනාගාර කිහිපයක ආරක්ෂාව දැඩි කෙරේ

මැයි 04, 2020

    කොළඹ පිහිටි බන්ධනාගාරවල රැකවල් තවත් දැඩි කර තිබෙනවා.

    වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සහ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් පිටත පොලිස් නිලධාරීන් පැය 24 පූරාම සේවයට යොදවා සිටින බවයි, පැවසෙන්නේ.

    මෙම බන්ධනාගාර වලට පිටත සිට තහනම් ද්‍රව්‍ය විසි කිරීම ඉකුත් දිනවල වැඩි වී තිබෙන බවයි, නීරීක්ෂණය වී ඇත්තේ.

    බෝතල හෝ රබර් බෝල වැනි උපාංගවල සගවා මත් කුඩුද පිටත සිට බන්ධනාගාර වලට විසි කරන බව අනාවරණය වී ඇත.

    මෙලෙස පිටත සිට විසි කෙරෙන තහනම් ද්‍රව්‍ය හරහා රැදවූවන්ට නව කොරෝනා ආසාධනය වීමේ අවධානමක්ද තිබිය හැකි බවයි හදුනාගෙන ඇත්තේ.

    ඒ අනුවයි, කොළඹ පිහිටි බන්ධනාගාරවල රැකවල් තවත් දැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ. 

    Latest News